නොයෙක් වර්ගවල Mobile
Phone Games මෙම Web අඩවියෙන් නොමිලේ Download කර ගන්නට පුළුවන. තමාගේ දුරකථන මෝස්තරය
කුමක්දැයි අසන විස්තර මෙම web අඩවියට ඇතුල්ත කල විට එම දුරකථනයේදී ක්‍රියාත්මක කළ හැකි Games ලැයිස්තුව
පෙන්වයි. (www.gamejump.com)
Types of RAM
1.Dynamic Random Access Memory (DRAM)
- Contents are constantly refreshed 1000 times per second
- Access tome 60-70 nanoseconds
2.Synchronous Dynamic Random
Access Memory (SDRAM)
- Quicker than DRAM.
- Access time less than 60 nanoseconds.
3.Direct Rambus Dynamic Random
Access Memory(DRDRAM)
- New type of RAM architecture.
- Access time 20 times faster than DRAM.
- More expensive.
4.Static Random Access Memory(SRAM)
පරිගණකයේ install කොට තිබෙන windows 7 මෙහෙයුම් පද්ධතිය32bit ද නැතහොත් 64 bitද යන්න සොයාගැනීම
මේ සඳහා start මෙනුව තුලින් control
panel තුළට ගොස් එහි system and maintenance තුළ ඇති system මත double
click කරන්න. එවිට ලැබෙන කවුළුවේ windows සංස්කරණය ගැන සඳහන්ව තිබේ.
විශ්වාසනීය වෙබ් අඩවි පෙන්වා දෙන “වොට්”
මෙම web අඩවියට පිවිස
එහි ඇති search box එක මත ලිපිනය ලියූ විට එම web අඩවිය ආරක්ෂාව හා වෙනත් කාරණා අතින් විශ්වාසනියද යන්න ගැන විස්තර වාර්තාවක්
ලබාදෙයි. එසේම මෙහිදී පෙන්වා ඇති add-on එක කරගත් විට පිවිසෙන සැම web අඩවියක් ගැනම
විස්තර වාර්තාවක් ලබාදෙයි. (mywot.com)
යම් වෙබ් අඩවියක ඇති ඉමේජ් සියල්ල එකවර download කරගැනීම
scrapii.com
මෙහි ඇති search box එක මත යම් වෙබ්
අඩවියක ලිපිනය ලියා enter කල විට එම වෙබ් අඩවියේ ඇති සියලුම images Zip එකක් ලෙස අපගේ පරිගණකයට download වෙයි.
Forex Trade
The Forex trade is the best known of all day trading, but it definitely isn't the only commodity swing trading that occurs. While most people are familiar with the stock markets, many people not involved with trading are not aware of the other markets available to day traders, some which are even more widely traded than the stock market. For example, Forex trade occurs at a rate of over $2 TRILLION per day, many times higher than the volume you will find on Wall Street.
යම් වෙබ් අඩවියකට පිවිසෙන සංඛ්‍යව ගණනය කරගැනීම
මේ සඳහා විශේෂයෙන් සකස්කල මෘදුකාංග භාවිතා කල යුතුය. මුදල් ගෙවා හෝ නොමිලේ ලබාගත හැකි ඒවා වශයෙන් විවිධාකාර ලෙස ලබාගත හැකිය. මෙම මෘදුකාංග හඳුන්වන්නේ Web Traffic Softwares ලෙසය. Google වෙබ් අඩවියෙන් මෙවැනි Web Traffic Software එකක් සපයයි. www.google.com/analytics/ (මෙම Link එක මත Ctrl+Click කර අදාල වෙබ් පිටුව වෙත යා හැකිය.) වෙත ගොස් අවශ්‍ය තොරතුරු ලබාදුන් විට Scripting code එකක් සැකසේ. එය අපගේ වෙබ් පිටුවේ <head> tags අතරට යෙදූ විට වෙබ් අඩවිය වෙත පැමිණෙන පුද්ගලයන්ගේ රට, නැවත නැවත පිවිසෙන අයගේ විස්තර යනාදිය බලාගත හැකිය. තවද වෙනත් වෙබ් අඩවි වෙත පැමිණෙන අයගේ විස්තර බලාගත හැකි වෙබ් සේවාවක් ලෙස www.trafficestimate.com දැක්විය හැකිය.
Web Hostingවලදී space, bandwidth හා traffic යනුවෙන් හැඳින්වෙන පදවල අර්ථයන්
Web පිටුව හා එයට සම්බන්ධ වෙනත් දත්ත ගබඩා කිරීම සඳහා අන්තර්ජාලය මෙහෙයවන web server එකක් තුල වෙන් කොට දෙන ඉඩ ප්‍රමාණය space ලෙස හැඳින්වේ. මෙයින් දැක්වෙන්නේ අඩවියේ තිබෙන තොරතුරුවල උපරිම ඉඩ ප්‍රමාණයයි(ධාරිතාව).
එම එක web server හරහා web අඩවියේ දත්ත සම්ප්‍රේෂණය කරන වේගය bandwidth ලෙස හැඳින්වේ. සාමාන්‍යයෙන් මෙම දත්ත ප්‍රමාණය එක් මාසයක් සඳහා වේ. මෙම අගය වැඩිවන විට web hosting සඳහා අයකරන ගාස්තුවද වැඩිවේ. Web site එකක් host කරනවිට එය සඳහා තිබිය යුතු band width එක ගණනය කරන ආකාරය පහත දැක්වේ.
දෘඩ තැටියක් දෝෂ සහහතවීමට බලපෑ හැකි කරුණු
- නිතර නිතර විදුලිය විසන්ධිවීම්වලට බඳුන් වීම (මෙසේ වීමට ප්‍රධාන හේතුව ලෙස දැක්විය හැක්කේ නිසි පරිදි ක්‍රියාත්මක වන UPS – Uninterrupted Power Supply උපකරණයක් හා සම්බන්ධ නොකොට භාවිතා කරන විටදිය.)
- පරිගණකය ක්‍රියාත්මක වෙමින් පවතින කාලය තුල විවිධ චලනයන්ට හා කම්පනයන්ට භාජනය වීම
- දෘඩ තැටියෙහි(hard disk) ලෝහ ආවරණය ගලවා බාහිර පරිසරයට නිරාවරණය කිරීම
- සමහර වෛරස් වැඩසටහන් මඟින් දෘඩ තැටියට(hard disk) සම්බන්ධ මෘදුකාංගවල වෙනස්කම් කිරීම හේතුවෙන්
- නියමිත පරිදි පරිගණකය Shut down නොකොට off කිරීම
- චුම්බක හා චුම්බක අඩංගු උපකරණ පරිගණකය අසල තැබීම
අන්තර්ජාල භාවිතා කිරීමේදී අයවන ගාස්තු තීරණය වන ආකාරය
මෙහිදී ප්‍රධාන වශයෙන් කාර්යයන් දෙකක් සඳහා ගාස්තු අයකෙරේ.
· ඉන් පළමුවැන්න අන්තර්ජාලය සමඟ සම්බන්ධ වන්නේ දුරකථන ආධාරයෙන්ය. එබැවින් අන්තර්ජාලය සමඟ සම්බන්ධ වී සිටින කාලය තුළ ඊට අදාල දුරකථන සම්බන්ධතා සඳහා වන ගාස්තුව ගෙවිය යුතුය. එය එම කාලය තුළ සාමාන්‍ය දුරකථන ඇමතුමක් ලබා ගැනීමේදී ගෙවිය යුතු ගාස්තුවට සමාන වේ.
· දෙවැන්න අන්තර්ජාලය සම්බන්ධ වී ඉන් ප්‍රයෝජන ලබාගන්නා විට ඊට අදාල තොරතුරු හුවමාරුවට වගකියන්නේ අන්තර්ජාල සර්වර් පරිගණකයන්ය. මෙම සේවා ලබාගැනීම වෙනුවෙන්ද අදාල සමාගමට ගාස්තු ගෙවිය යුතුය.
මෙම මූලික ගෙවීම් ආකාර දෙකම විවිධ ක්‍රමවලට ගලපමින් අන්තර්ජාල සේවා සපයන ආයතන විවිධ ගාස්තු ක්‍රමයන් යටතේ පැකේජ ඉදිරිපත් කරයි. මෙය කියවන ඔබද ඉහත සඳහන් ක්‍රමයන් යටතේ ලබාගත් සම්බන්ධතාවයක් උපයෝගී කොටගෙන ඇත.
ප්‍රින්ටරයේ ටෝනර් සහ තීන්ත වැයවීම සියයට පනහකටත් වඩා අඩුකර ගැනීම
ප්‍රින්ටරයේ ටෝනර් සහ තීන්ත ස ඳ හා යන වියදම සැලකූ විට එම වියදම ඇතැම්විට ඉතා අධික විය හැකිය. මෙයට පිළියමක් ලෙස inkgard (ඉන්ක්ගාඩ්) විශේෂ පරිගණක වැඩසටහන මඟින් අනවශ්‍ය ලෙස ටෝනර් එකෙහි තීන්ත වැයවීම පාලනය කිරීම පරිගණකය භාවිතා කරන්නාට ලබාදේ. මෙම වැඩසටහන වින්ඩෝස් 2000 සිට වින්ඩෝස් සෙවන් දක්වා වු මෙහෙයුම් පද්ධතිවල බාධාවකින් තොරව ක්‍රියාත්මක වේ.
මෙහිදී තමන්ට අවශ්‍ය අවස්ථාවලදී ටෝනරය උපරිම ලෙස භාවිතා කොට ඉතා උසස් ආකාරයේ මුද්‍රිත පිටපත් ලබා ගැනීමටත් එසේ නොවන අවස්ථාවලදී ටෝනරයේ තීන්ත අවම ප්‍රමාණයක් භාවිතා කොට මුද්‍රිත පිටපත් ලබාගැනීමටත් මෙම වැඩසටහන යොදාගත හැකිය. වර්ණ පිටපත් ලබාගැනීමේදි ඒවායේ එක් එක් වර්ණ පාලනය කිරීමට අමතරව එම වර්ණ වැයවීම පිළිබඳ ප්‍රස්ථාර හා දත්ත සටහන් ලබා ගැනීමද කළ හැක. තවද මෙම මෘදුකාංගය ඕනෑම ඉන්ක්ජෙට් හෝ ලේසර් ප්‍රින්ටරයක් සමඟ වුවද ක්‍රියා කරන අතර, භාවිතා කරන ටෝනර් වර්ගයට අනුව ගැලපෙන ආකාරයෙන් සකස් වීමට හැකියාව ඇත.
මෙම වැඩසටහන පරිගණකයේ ඉන්ස්ටෝල් කර ඇති විට මුද්‍රණ විධානය දුන් සැනින් මෙම ඉන්ක්ගාඩ් වැඩසටහන ක්‍රියාත්මක වේ. එබැවින් තමන්ට අවශ්‍ය ආකාරයෙන් සැකසුම් සකස් කර මුද්‍රිත පිටපත් ලබාගත හැක.
නොමිලේ දෙන ඊ මේල් සේවාවකින් ලබාගත් ගිණුමක් අවුට්ලුක් එක්ස්ප්රwස් මෘදුකාංගය සමග සම්බන්ධ කොට භාවිතා කිරීම
මෙහිදී ප්‍රථමයෙන් ම සැලකිය යුත්තේ අදාල ඊ මේල් සේවාව අවුට්ලුක් වැනි මෘදුකාංගයක් සමඟ සම්බන්ධ කිරීමට නම් එම පහසුකම් සපයන in coming සහ out going සර්වර්ස් මොනවාදැයි දැනගැනීමය. දැනට එම සර්වර්ස් ප්‍රසිද්ධ කර ඇත්තේ ජී මේල් ගිණුම් ස ඳහා පමණි. එබැවින් මෙය කල හැක්කේ ජී මේල් එකවුන්ට් සමග පමණි.
ජී මේල් ගිණුම සඳහා incoming mail server එක pop.gmail.com ලෙස ප්‍රසිද්ධ අතර, outgoing mail server එක smtp.gmail.com වේ. අවුට්ලුක් එකවුන්ට් එකක්, ජී මේල් වෙත add කරන විට මතුවන ඩයලොග් බොක්ස් එකෙහි අදාල ස්ථාන වෙත මෙම සර්වර්ස් ලබාදීම සිදු කල විට වෙබ් සයිට් එකකින් ලොග් නොවී අවුට්ලුක් ඉන්බොක්ස් එකටම ජී මේල් ගෙන්වා ගත හැකිය.
Subscribe to:
Posts (Atom)